තිදරු මවක කැපුම් තුවාල සහිත ව අභිරහස් ලෙස මිය ගොස් ඇති බවට අලුත්ගම පොලීසිය පවසයි.
ඊයේ (17) රාත්රී 08.30ට පමණ එම සිද්ධිය වාර්තා වූ බවට පොලීසිය වාර්තා කර තිබේ.
එසේ මිය ගොස් ඇත්තේ, මොරගල්ල – කාලවිලවත්ත ප්රදේශයේ පදිංචි ව සිටි එස්.ශිරානි ලක්ෂිකා කුමාරි නමැති 47 හැවිරිදි කාන්තාවකි.
මිය ගොස් ඇති කාන්තාව මුහුණේ කැපුම් තුවාල සහිත ව නිවසේ වැටී සිට ඇති අතර, ඇය ව බේරුවල ප්රාදේශීය රෝහලට රැගෙන ගොස් ඇතත් ඒ වන විටත් ඇය මිය ගොස් සිට ඇති බවට රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
ඒ අනුව පොලිස් විමර්ශනවල දී නිවසේ නිදන කාමරයේ, මැදසාලය සහ ඉදිරිපස දොරටු අසල ලේ පැල්ලම් දක්නට ලැබෙන බව පෙනී ගොස් ඇත.
මරණකාරිය මෙම සිද්ධියට මුහුණ පාන අවස්ථාවේ නිවස තුළ කාන්තාවගේ ස්වාමියා, පුතකු සහ දියණියක එම නිවසේ සිට ඇති බවට තහවුරු වී ඇති බව පොලීසිය පවසයි.
කෙසේ වෙතත් ඔවුන් පොලීසියට ප්රකාශ කර ඇත්තේ, ඔවුන්ගේ මව තුවාල සහිත ව නිවසේ ඉදිරිපස ප්රධාන දොරටුව අසල වැටී සිටිය දී රෝහල්ගත කළ බව ය.
මේ වන විට පොලීසිය, ඝාතනය සිදු කළ කාන්තාවගේ ස්වාමියාගෙන් දරුවන් දෙදෙනාගෙන් ප්රශ්න කිරීම් කටයුතු සිදු කරමින් පවතියි.
මෙම අභිරහස් ඝාතනය නිවසේ සිටි පුද්ගලයෙකු සිදු කළේ ද එසේත් නැති නම් බාහිරින් පැමිණි පුද්ගලයකු සිදු කළේ ද යන්න පිළිබඳ පොලිස් විමර්ශන ක්රියාත්මක බව සදහන්.