නාවික හමුදා සෙබළෙක් සිය දිවි හානි කරගෙන.

නාවික හමුදාවේ විජයබාහු නෞකාවේ රාජකාරී කළ සෙබළෙකු ඊයේ (14) දින එම නෞකාවේ දීම ගෙල වැලලාගෙන සිය දිවි හානි සිදු කරගෙන ඇති බව වාර්තා වේ.

කොළඹ වරායේ බණ්ඩාරනායක ජැටියේ නැංගුරම් දා තිබූ නෞකාව තුළ දී මෙලෙස සිය දිවි හානි සිදු කරගෙන තිබෙන බව සඳහන්.

මොහු 44 හැවිරිදි අයෙක් වන අතර සිය දිවි හානි සිදු කර ගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව වරාය පොලිසිය ප්‍රකාශ කර තිබේ.

Exit mobile version