අසභ්‍ය වීඩියෝ දර්ශන නරඹන්නන් හසු කරගන්න දැලක්.

දරුවන්ගේ අසභ්‍ය ඡායාරූප සහ වීඩියෝ පට අන්තර්ජාලයට හෝ සමාජ මාධ්‍ය හරහා විසුරුවා හරින පුද්ගලයින් හඳුනාගත හැකි අන්තර්ජාතික දත්ත පද්ධතියක් සමග එකතුවීමට ශ්‍රී ලංකා පොලීසියට හැකි වූ බවට නියෝජ්‍ය පොලිස්පතිනි රේණුකා ජයසුන්දර මහත්මිය පවසා ඇති බව වාර්තා වේ.

මෙම දත්ත පද්ධතිය inter ational center for missing and exploited children ලෙස හඳුන්වයි.

මීට මාස දෙකකට පමණ පෙර මෙම දත්ත පද්ධතිය හා එකතුවීමට ශ්‍රී ලංකා පොලිසියට හැකි වූ බවත් ඒ හරහා අන්තර්ජාලය ඔස්සේ නිතර අසභ්‍ය වීඩියෝ නරඹන පුද්ගලයින් පිළිබඳව තොරතුරු ලබාගත හැකි බවත් නියෝජ්‍ය පොලිස්පතිනිය සඳහන් කර තිබේ.

Exit mobile version