කනක හේරත්ගෙන් නව පනතක්.

මෙරට නව තාක්ෂණික සොයා ගැනීම් සහ පර්‍යේශණ සංවර්ධනය වෙනුවෙන් නව පනතක් ගෙන ඒමට අපේක්ෂා කරන බවත් , නව සොයා ගැනීම් සඳහා අවශ්‍ය පහසුකම් වැඩි දියුණු කර ඒවා රට තුළ පුළුල් කළ යුතු බවත් , ජනාධිපතිතුමන්ගේ අභිලාෂය වන්නේ ඩිජිටල් ආර්ථිකයක් සඳහා රට මෙහෙය වීම බවත් තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා පසුගිය 08 වනදා මරදාන ට්‍රේස් සංකීර්ණයේ පිහිටි වේගා ඉනෝවේෂන් සමාගමේ නිරීක්ෂණ සංචාරයකට එක් වීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළ බව වාර්තා වේ.

එමෙන්ම වේගා ඉනෝවේෂන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්‍ය හර්ෂ සුබසිංහ සමඟ ශ්‍රී ලංකාවේ තාක්ෂණික අංශයේ නව නිපැයුම් සම්බන්ධයෙන් සහ තාක්ෂණ ක්ෂේත්‍රයේ පවතින ගැටලු සම්බන්ධයෙන් පුළුල් ලෙස සාකච්ඡා කළ බව සඳහන්.

Exit mobile version