අබුඩාබි සිට කටුනායක දක්වා නව ගුවන් සේවයක්.

අබුඩාබි සිට කටුනායක දක්වා අඩු වියදම් නව ගුවන් සේවයක් ආරම්භ කරමින් මංගල ගුවන් යානය ඊයේ(08) රාත්‍රියේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි බව වාර්තා වේ .

මගීන් 158 දෙනෙකු සහ ගුවන් යානා කාර්ය මණ්ඩලය 08 දෙනෙකුගෙන් සමන්විත එයාර් ඇරැබියා ගුවන් සේවයේ 3 එල් – 197 දරණ යානය අබුඩාබි සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබේ.

ඒ අනුව මෙම යානා සෑම බදාදා, සිකුරාදා සහ ඉරිදා යන දිනවල රාත්‍රී 08.00ට පැමිණෙන අතර යළි රාත්‍රී 08.30ට කටුනායකින් අබුඩාබි බලා පිටත්ව යාමට නියමිතව තිබේ .

Exit mobile version