කලම්බු පෝර්ට් සිටි – කොළඹ වරාය නගරය – යන නාමය කලම්බු ෆිනෑන්ෂල් සිටි ලෙස වෙනස් වීමට ඉඩ තිබෙන බව ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගමකොළඹ වරාය නගර කොමිෂන් සභාව පනතට අදාළ නියෝග සම්බන්ධයෙන් පැවැති විවාදයට එක්වෙමින් පාර්ලිමේන්තුවේ දී ඊයේ (19) ප්‍රකාශ කළ බව වාර්තා වේ .
වැඩි දුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා ,
” වරාය නගර ව්‍යාපෘතියට මේ වනවිට අයෝජකයන් දාහත් දෙනෙක් ඇවිල්ලා තියෙනවා. මෙම මස විසිහයවැනිදා ඩුබායි සහ අබුඩාබි යන නගරවලදී කොළඹ වරාය නගර සමාරම්භය සනිටුහන් කරන්න බලාපොරොත්තු වෙනවා. වරාය නගර ව්‍යාපෘතියේ නාමයේ සුළු වෙනසක් කිරීමට අපේක්ෂා කරනවා. පෝර්ට් සිටි ව්‍යාපෘතිය කලම්බු ෆයිනෑන්ෂල් සිටි ලෙස වෙනස් වීමට බොහෝ දුරට ඉඩකඩ තිබෙනවා. ප්‍රසිද්ධ කිරීමේ අරමුණ ඇතුවයි ඒ වෙනස කරන්න සූදානම් වෙන්නෙ. නමුත් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නැහැ. නම වෙනස් කිරීමක් වෙයි.බ්‍රිතාන්‍යයෙ හිටපු අගමැති ඩේවිඩ් කැමරන් මෙම අවස්ථාවවට සහභාගි වෙන බව දැනුම් දී තිබෙනවා. ඩුබායි අබුඩාබිවල කිරීමට හේතුව එක්සත් ජාතින්ගේ මහා මණ්ඩලයට සාපේක්ෂව ආයෝජන සමුළු විශාල ප්‍රමාණයක් එම නගරවල පැවැත්වීමයි. එම අයෝජකයන්ට මෙම ව්‍යාපෘතිය හඳුන්වා දීම සඳහා චීන සමාගමත් සමග ඒකාබද්ධවයි වැඩසටහන කරන්නේ. “