නව විශ්‍රාම වැටුප් ක්‍රමවේදයක් .

ඉදිරියේදී නව විශ්‍රාම වැටුප් ක්‍රමවේදයක් හදුන්වා දෙන බව සමාජ සවිබල ගැන්වීම් රාජ්‍ය අමාත්‍ය අනුප පැස්කුවෙල් මහතා ප්‍රකාශ කර ඇති බවට වාර්තා වේ.

මෙලෙස රජය විසින් හදුන්වා දීමට නියමිතව ඇත්තේ දායකත්ව විශ්‍රාම වැටුප් ක්‍රමවේදයක් බවත් මෙම ක්‍රමවේදය ක්‍රියාත්මක කළ ලෝකයේ රටවල් රැසක් මේ වන විට ඉන් සාර්ථක ප්‍රතිඵල අත්පත් කරගෙන ඇති බවත් ප්‍රකාශ කර තිබේ.

කළුතර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර තිබේ.

Exit mobile version