ආර්ජන්ටිනාවේ නව ජනාධිපතිවරයා ලෙස ජේවියර් මිලෙයි තේරි පත්ව ඇති බව වාර්තා වේ.
ඊයේ (19) පැවැති ජනාධිපතිවරණ ප්‍රතිඵලවලට අනුව 56% කට ආසන්න ඡන්ද ප්‍රතිශතයක් හිමිකර ගනිමින් ඔහු නව ජනාධිපතිවරයා ලෙස තේරී පත්ව ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
දක්ෂිණාංශික නව ලිබරල්වාදී දේශපාලනික පසුබිමක් සහිත ජේවියර් මිලෙයිගේ ප්‍රතිවාදියා වු සර්ජියෝ මස්සාට හිමිව ඇති ඡන්ද ප්‍රතිශතය 44% කි.
ජනාධිපතිවරණයේ ප්‍රතිඵල ගණනය නැවත සිදුකළ යුතු බව පවසමින් ප්‍රතිවාදි අපේක්ෂකයාගේ ආධාරකරුවන් විරෝධතා ආරම්භ කර ඇති බවට විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කර තිබේ.