රට දියුණුව කරා ගෙන යන නව ආර්ථික වැඩපිළිවෙළ ජනවාරි 01 වනදා අරඹන බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා අද (06) කොළඹ පැවති උත්සවයකට එක්වෙමින් ප්රකාශ කළ බව වාර්තා වේ .
එහිදී වැඩිදුරටත් ජනාධිපතිවරයා සඳහන් කළේ සියලු ක්ෂේත්ර නවීකරණය කරමින් රට දියුණුව කරා ගෙන යන නව ආර්ථික වැඩපිළිවෙළ එළැඹෙන ජනවාරි 01 වනදා සිට ආරම්භ කරන බවත් , පැරණි ක්රමවේදය අනුව ඉදිරියට යාමෙන් රටට හෙට දවසක් නොමැති බවත් , පසුගිය වසර කිහිපය තුළ ජාතියක් ලෙස මුහුණ දූන් කටුක අත්දැකීම මතු පරපුරට උරුම කළ නොහැකි බවත්ය.