මානව ක්‍රියාකාරකම් හේතුවෙන් දිවයින පුරා ඇති ජල මූලාශ්‍ර සහ ජල පෝෂක ප්‍රදේශ දූෂණයට ලක්ව ඇති අතර එවැනි ස්ථාන 10ක් පරිසර ආරක්ෂණ ප්‍රදේශ ලෙස නම් කර ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට මධ්‍යම පරිසර අධිකාරිය පියවර ගෙන තිබෙන බව වාර්තා වේ.
ඒ අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ හාලිඇළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ තේ වතු ඉඩම් කැබලි 362 ක් පරිසර ආරක්ෂණ ප්‍රදේශයන් ලෙස නම් කර තිබේ.
මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් අදහස් දැක්වූ මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති සුපුන් පතිරගේ මහතා ,
“ජූනි මාසයට යෙදෙන ජගත් පරිසර දිනය නිමිත්තෙන් මධ්‍යම පරිසර අධිකාරිය විසින් හඳුනාගෙන තිබෙන මානව ක්‍රියාකාරකම් හේතුවෙන් දුෂණයට ලක්වෙලා තියෙන ජල මුලාශ්‍ර හා ජල පෝෂක ප්‍රදේශ රැකගැනීම උදෙසා මේ වසරේ දී පුළුවන්කම ලැබෙනවා .මධ්‍යම පරිසර අධිකාරිය විසින් පරිසර ආරක්ෂණ ප්‍රදේශයක් ගැසට් කරන්න අපි මේ වනවිට ලංකාව පුරා පරිසර ආරක්ෂණ ප්‍රදේශ 10ක් ගැසට් කරලා තියෙනවා. මේකෙන් 6ක්ම ජල පෝෂක ප්‍රදේශ. බදුල්ල දිස්ත්‍රික්කයේ හාලිඇළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ තේ වතු ඉඩම්වල පිහිටි ජල මුලාශ්‍ර රක්ෂිත ඉඩම් කැබලි 362ක් ජාතික පරිසර පනත යටතේ හාලිඇළ ජල මුලාශ්‍ර රක්ෂිත පාරිසරික ආරක්ෂණ පනත ප්‍රදේශය ලෙස නම් කර ගැසට් පත්‍රයක් නිකුත් කළා.”