පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ කුෂානි අනූෂා රෝහණදීර මහත්මිය පාර්ලිමේන්තුවේ නව මහලේකම්වරිය ලෙස පත් කර ඇති බවට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළ බවට වාර්තා වේ.
කතානායකවරයා එම නිවේදනය සිදු කරන අවස්ථාවේදී ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ සිය මන්ත්‍රීවරු සිය සතුට පළ කළ බව සදහන්.
කතානායකවරයා හිටපු මහ ලේකම් ධම්මික දසනායක මහතා සේවයෙන් විශ්‍රාම යන බව දැනුම් දෙමින් ඔහු එවා තිබූ ලිපියද මෙහිදී කියවූ අතර ඔහුගෙන් සිදු වූ සේවාව පිළිබඳවද අගය කර ඇති බව සදහන්.