ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ අලුත් කතාවක් .

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණය මේ වසරේ දෙවැනි කාර්තුවේදී අවසන් කිරීමට හැකි වෙතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.

පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු පැවසුවේ, රටක් වශයෙන් ස්ථාවර වුවද රට අවදානම් කලාපයෙන් සම්පූර්ණයෙන් එළියට ගොස් නොමැති බවයි.

“අවදානම් කලාපයෙන් එළියට යන්න තව මාස 6, 8, හෝ 12ක කාලයක් ගත වෙන්න පුළුවන්…”

2024දී ධනාත්මක ආර්ථික වර්ධනයක් ඇතිවිය හැකි බව පෙන්වා දුන් රාජ්‍ය අමාත්‍යවරයා, ඒ සඳහා වර්තමාන ආර්ථික ප්‍රතිසංස්කරණ පවත්වා ගෙන යෑම වැදගත් බව ද පවසා තිබේ.

Exit mobile version