පාසල් අධ්‍යාපනයට නව විෂය ධාරාවක් .

ලබන වසරේ සිට සියලුම පාසල්වල 6 සිට 13 ශ්‍රේණි දක්වා කෘත්‍රිම බුද්ධිය සහ තොරතුරු තාක්ෂණය යන විෂයන් ඉගැන්වීමට පියවර ගන්නා බවට අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ.

එහි නියමු ව්‍යාපෘතිය ලබන මස අගදී තෝරාගත් පාසල් විස්සක ක්‍රියාත්මක කරන බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ඊයේ (16) පැවති උත්සවයකදී සුසිල් ප්‍රේමජයන්ත මහතා ප්‍රකාශ කර තිබේ.

Exit mobile version