ලබන වර්ෂයේ සිට විද්‍යාපීඨ ගුරු අභ්‍යාසලාභීන් බඳවා ගන්නේ විද්‍යාපීඨවලට නොව සියලු විද්‍යාපීඨ එකතු කර පිහිටුවන ශ්‍රී ලංකා අධ්‍යාපන විශ්වවිද්‍යාලයට බවත් , අපේක්ෂිත ශ්‍රී ලංකා අධ්‍යාපන විශ්වවිද්‍යාලය, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ ලියාපදිංචි පිළිගත් විශ්වවිද්‍යාලයක් වශයෙන් 2027 වන විට අධ්‍යාපනවේදී උපාධිධාරී ගුරුවරුන් බිහි කරන ආයතනයක මට්ටමට ගෙන ඒම සිය අපේක්ෂාව බවත් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ඌව ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ පැවති වැඩසටහනකට සහභාගී වෙමින් ප්‍රකාශ කළ බව වාර්තා වේ.
ඒ අනුව ලබන වසරේ සිට ගුරු අභ්‍යාසලාභීන් විද්‍යාපීඨවලට නොව මෙම ශ්‍රී ලංකා අධ්‍යාපන විශ්වවිද්‍යාලයට බඳවා ගැනීමට බලාපොරොත්තු වන බවත් , ඊට අවශ්‍ය සංකල්ප පත්‍රිකාව දමා අවසන් ව ඇති බවත් , ඉදිරි සතියේ දී සවිස්තර කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කිරීමට කටයුතු යොදා ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර තිබේ.