මදුරු මර්දනයට අලුත් වැඩක්.

මදුරු මර්දන කටයුතු සම්බන්ධයෙන් කියුබානු විශේෂඥ දැනුම මෙරට සෞඛ්‍ය බලධාරීන් සමග බෙදා ගැනීමට මෙරට කියුබානු තානාපති ඇන්ඩ්‍රස් මාර්ෂෙලෝ ගොන්සල්ස් ගරිඩෝ , අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සමග අරලියගහ මන්දිරයේදී පැවැති හමුවකදී එකඟතාව පල කර තිබෙන බව වාර්තා වේ .

ඩෙංගු වසංගතය පාලනය කිරීම සඳහා ශ්‍රී ලංකාවට කියුබාව ලබා දී ඇති සහයෝගය පිළිබඳව එහිදී සිහිපත් කළ අග්‍රාමාත්‍යවරයා වෛද්‍ය ක්ෂේත්‍රයේදී දෙරට අතර අඛණ්ඩ සහයෝගීතාවයේ අවශ්‍යතාවය අවධාරණය කර තිබෙන අතර අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය ප්‍රකාශ කරන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේදී සහ අනෙකුත් ජාත්‍යන්තර සංසදවලදී කියුබාව ශ්‍රී ලංකාවට ලබා දෙන අඛණ්ඩ සහයෝගය සම්බන්ධයෙන් කියුබානු තානාපතිවරයා ස්තුතිය පුද කළ බවයි.

Exit mobile version