ක්‍රීඩා ඇමතිගෙන් අධිකරණයට දැනුම්දීමක් .

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කටයුතු මෙහෙයවීම සඳහා අතුරු පාලක කමිටුවක් පත් කරමින් හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් නිකුත් කළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක නොකරන බවට ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අද (13) අභියාචනාධිකරණයට දැනුම් දුන් බව වාර්තා වේ.

ඒ අනුව ක්‍රිකට් අතුරු පාලක කමිටුවට එරෙහිව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා ඉදිරිපත් කළ පෙත්සම කැඳවූ අවස්ථාවේ දී මෙම දැනුම්දීම සිදුකර ඇත.

ඒ අනුව අදාළ පෙත්සම තවදුරටත් පවත්වාගෙන යන්නේ ද? නැද්ද? දැනුම් දීම සඳහා ලබන 15 දා කැඳවන ලෙසත් අධිකරණය නියෝග කර තිබේ.

Exit mobile version