ලබන වසරේ සිට ඕනෑම බැංකුවක ජංගම ගිණුමක් විවෘත කිරීම ඇතුළු අවශ්‍යතා ඉටු කර ගැනීමේ දී බදු ගෙවන්නා හඳුනා ගැනීමේ අංකය ඇතුළත් සහතිකයේ පිටපතක් ඉදිරිපත් කිරීම අනිවාර්ය කෙරෙන බව වාර්තා වේ.
ලබන වසර සඳහා වන අයවැය යෝජනාවලිය අනුව මෙම නියමය ක්‍රියාත්මක කෙරෙන අතර ඒ අනුව ගොඩනැගිලි සැලැස්මක් සඳහා අනුමැතිය ඉල්ලා සිටින විටෙක ඉල්ලුම්කරු විසින් ද මෝටර් රථයක් ලියාපදිංචි කරන හෝ බලපත්‍රය අලුත් කරන අවස්ථාවක හිමිකරු විසින් ද එම සහතිකය ඉදිරිපත් කළ යුතු බව සදහන්.
එමෙන්ම ඉඩමක් හෝ ඉඩමක හිමිකම ලියාපදිංචි කරන විටක ගැනුම්කරු විසින් ද එම සහතිකය ඉදිරිපත් කළ යුතුය.