වැඩබලන පොලිස්පති ගැන දැනුම් දීමක්.

වැඩබලන පොලිස්පතිවරයා ලෙස ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පත් කිරීම සම්බන්ධයෙන් ව්‍යවස්ථා සභාව දැනුවත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පියවර ගෙන තිබෙන බව වාර්තා වේ .

ඒ අනුව ඊයේ (29) පස්වරුවේ වැඩබලන පොලිස්පතිවරයාගේ නම කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා හට ලැබී ඇති බව ද සඳහන් .

එමෙන්ම කඩිනමින් ව්‍යවස්ථාදායක සභාව රැස් වී වැඩබලන පොලිස්පතිවරයා පත් කිරීම සම්බන්ධයෙන් තීරණය කිරීමට බලාපොරොත්තු වන බව කතානායකවරයා ප්‍රකාශ කරන ලදී .

Exit mobile version