කිඹුලාවල STREET FOOD ගැන දැනුම් දීමක්.

කිඹුලාවල STREET FOOD වෙළඳසැල් දින 14ක් ඇතුළත ගලවා ඉවත්කරන ලෙස මාර්ග සංවර්ධන අධිකාරිය විසින් වෙළඳසැල් හිමියන් හට දැනුම් දී තිබෙන බව වාර්තා වේ.

එම වෙළඳසැල්  මාර්ගයේ ගමන් ගන්නා වාහනවලට බාධාවක් වන බවත් , එම ස්ථානයේ අනවසරයෙන් තට්ටු දෙකේ වෙළඳසැල් සාදා ඇති බවත් , මෙම වෙළඳසැල් හේතුවෙන් රිය අනතුරු සිදු වන බවට දිනපතා පැමිණිලි ලැබෙන බැවින් මෙම තීරණය ගත් බවත් මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කර තිබේ.

නමුත් වෙළඳසැල් හිමියන් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ යම් ආයතනයකින් සිදුකරන නියාමනයකට යටත්ව තම වෙළඳසැල් පවත්වාගෙන යෑමට තමන් කැමති බවයි.

Exit mobile version