ලංකා විදුලිබල මණ්ඩලයෙන් දැනුම් දීමක්.

හම්බන්තොට – නව පොල්පිටිය 220 KV අධිවෝල්ටීය විදුලි සම්ප්‍රේෂණ මාර්ගයේ හා ඒ අවට කලාපය තුළ සරුංගල් යැවීමෙන් වළකින ලෙස ලංකා විදුලි බල මණ්ඩලය අද (18) නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබෙන බව වාර්තා වේ .

විදුලිබල මණ්ඩලය එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් කර ඇත්තේ මේ දිනවල පොල්පිටිය ආශ්‍රිත ප්‍රදේශවල සරුංගල් යැවීම සිදුවන නිසා එම සරුංගල් විදුලි රැහැන්වල පැටලීම බහුලව සිදුවන බවත් , විදුලි රැහැන් එළීමේ කටයුතු වලට එය අහිතකර ලෙස බලපාන බවත් , ඒ හේතුවෙන් සරුංගල් යැවීම සිදු නොකරන ලෙසත් ය.

එමෙන්ම නව පොල්පිටිය අධි සම්ප්‍රේෂණ මාර්ගයේ රැහැන් සම්බන්ධ කිරීමේ කටයුතු තව සතියකින් පමණ අවසන් වනු ඇති බවත් ඔවුන් ප්‍රකාශ කර තිබේ .

Exit mobile version