මැතිවරණයට ආ රාජ්‍ය සෙවකයන්ට අගමැතිගෙන් දැනුම් දීමක්.

පළාත් පාලන මැතිවරණය සඳහා ඉදිරිපත් වූ රාජ්‍ය සේවකයන්ට තමන් ඡන්දය ඉල්ලන බල ප්‍රදේශයට ආසන්න බල ප්‍රදේශයන්වල රාජ්‍ය ආයතනවල සේවය කිරීමේ අවසරය ලබා දෙන චක්‍රලේඛය ලබන සතියේ නිකුත් කරන බවත් , රාජ්‍ය ආයතනවලට දුර බැහැර ප්‍රදේශවල සිට එන රාජ්‍ය සේවකයන්ට ඒ ස්ථානවලම නැවතත් රාජකාරී කටයුතු සිඳු කිරීමට අවස්ථාව ලබා දෙන බවත් අග්‍රාමාත්‍ය , රාජ්‍ය පරිපාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය පහසුකම පිළිබඳ විවාදයේ දී ප්‍රකාශ කළ බව වාර්තා වේ.

Exit mobile version