බදුල්ල – කොළඹ ප්‍රධාන මාර්ගයේ උඩුවර 6 කණුව ප්‍රදේශයේ මාර්ගය අද (8) පස්වරුවේ නාය යාමට ලක්ව ඇති බව වාර්තා වේ .
මේ හේතුවෙන් උඩුවර 6 කණුව ප්‍රදේශයේ මාර්ගයේ රථ වාහන ධාවනය එක් මංතීරුවකට සීමා කළ බව සඳහන් .
ධාරානිපාත වර්ෂාවත් සමඟ මෙසේ උඩුවර 6 කණුව ප්‍රදේශයේ දී ප්‍රධාන මාර්ගය අසල කොටසක් විදුලි කණු විශාල ගසක් සමඟ බදුලු ඔයට කඩා ගෙනගොස් නාය යාමට ලක්වූ අතර එම නාය යාමට ලක්වූ ස්ථානයේ බදුල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ කොටසක ඉරිතලා පුපුරා ගොස් තිබේ .
වර්ෂාවත් සමඟ පස්කදු ගල්පර්වත ගස්කොළන් කඩා වැටී මේ අවධානමක් පවතින හෙයින් රථ වාහන පැදවීමේදී විමසිලිමත්ව දැඩි ආරක්ෂිත ව කල්පනාකාරීව රියපදවන ලෙසට පොලීසිය රථ වාහන රියදුරන් හට දැනුම් දී තිබේ .