දුම්රියේ ගැටී අයෙක් ජීවිතක්ෂයට .

ඊයේ (11) සවස 3.30 ට පමණ නුවරඑළිය නානුඔය පොලිස් වසමට අයත් රැදැල්ල සහ ග්‍රේට් වෙස්ටන් දුම්රිය ස්ථාන දෙක අතර පවතින දුම්රිය මාර්ගයේ දී බදුල්ල සිට කොළඹ දක්වා ධාවනය වූ විශේෂ දුම්රියක ගැටීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ .

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ නුවරඑළිය අධ්‍යාපන කාර්‍යාලය යටතේ පවතින නානුඔය දෙමළ විද්‍යලයේ විදුහල්පතිවරයා බව සඳහන්.

පාසල් නිවාඩුවෙන් අනතුරුව සිය පාසල විවෘත කිරීමට මත්තෙන් පාසල සුද්ධ පවිත්‍ර කිරීම සඳහා ගොස් නැවත තම නිවස කරා පැමිණෙමින් සිටිය දී මෙලෙස අනතුරට ලක්ව තිබේ.

අනතුර සිදු වීමෙන් පසු දුම්රිය රියදුරන් ඒ බව දැක නොමැති අතර දුම්රිය නොනවත්වා ඉදිරියට ධාවනය කර තිබේ.දුම්රියේ සිටි ආරක්ෂක නිලධාරියෙකු මේ බව දැක ඒ සම්බන්ධයෙන් නානුඔය දුම්රිය ස්ථානය වෙත දැනුම් දී තිබේ.අනතුරුව නානුඔය දුම්රිය ස්ථානයේ නිලධාරීන් සහ  පොලිස් නිලධාරීන් එක්ව විදුහල්පතිවරයාගේ සිරුර නානුඔය දුම්රිය ස්ථානය වෙත රැගෙනවිත් තිබේ.

මෘත දේහය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා නුවරඑළිය දිස්ත්‍රික් මහරෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කර තිබෙන බව සඳහන්.

Exit mobile version