යුද හමුදා වෑන් රථයේ ගැටී පුද්ගලයෙකු ජීවිතක්ෂයට.

යුද හමුදාවට අයත් වෑන් රථයක් මොරටුව ප්‍රදේශයේදී අනතුරට ලක් වී ඇති අතර එම අවස්ථාවේ වෑන් රථය පාපැදිකරුවෙකුගේ ගැටී ඉන් පසු මාර්ගයේ ගමන් කරමින් සිටි තවත් පිරිසකගේ ද ගැටී ඇති බව වාර්තා වේ.

මෙම අනතුරුන් පාපැදිකරු ජීවිතක්ෂට පත්ව ඇති අතර බරපතළ තුවාල ලැබූ තිදෙනෙකු රෝහල්ගත කර ඇති බව සඳහන්.

මරණකරු පානදුර හොරේතුඩුව ප්‍රදේශයේ පදිංචි 58 හැවිරිදි අයෙකි.

අනතුර සම්බන්ධයෙන් වෑන් රථයේ රියදුරු ලෙස කටයුතු කළ යුද හමුදා නිලධාරියා අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරු මොරටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් මොරටුව පොලීසිය වැඩි දුර විමර්ශන කටයුතු සිඳු කරන බව සඳහන්.

Exit mobile version