නුවරඑළිය හාවාඑළිය ප්රදේශයේ ගාඩ්වත්ත රක්ෂිතයට දර කැඩීම සඳහා ඇතුල් වූ පුද්ගලයෙක් යළි සිය නිවස කරා නොපැමිණ ඇති අතර ඒ සම්බන්ධයෙන් නුවරඑළිය පොලිස් ස්ථානයට ලද පැමිණිල්ලකට අනුව විමර්ශන කටයුතු සිඳු කෙරෙන බව පොලිසිය ප්රකාශ කළ බව වාර්තා වේ.
මෙලෙස අතුරුදන්ව ඇත්තේ හාවාඑළිය ප්රදේශයේ පදිංචි 49 හැවිරිදි පුද්ගලයෙකි.
නුවරඑළිය පොලිස් ස්ථානයේ නිලධාරීන් , යුද හමුදාව සහ ප්රදේශවාසීන් එක්ව අතුරුදන් වූ පුද්ගලයා සොයා විමර්ශන කටයුතු ආරම්භ කර ඇති අතර මෙම පුද්ගලයාගේ බවට සැක කරන පාවන් යුගලක් සහ කබායක් හමු වී ඇති බව සඳහන්.
අතුරුදන් වූ පුද්ගලයා තවමත් සොයා ගෙන නොමැති අතර නිල සුනඛයන්ගේ ද සහාය ඇතිව සිද්ධිය සම්බන්ධයෙන් තව දුරටත් විමර්ශන කටයුතු සිඳු කරනු ලබයි.