යුක්තිය මෙහෙයුම අතරතුරදී යෙදූ හදිසි මාර්ග බාධකයකදී මත්පැන් තොගයක් ප්‍රවාහනය කරමින් සිටි ව්‍යාපාරිකයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
එහිදී සැකකාර ව්‍යාපාරිකයා ගමන්කරමින් සිටි සුඛෝපභෝගී ජීප් රථය දෙල්කඳ විජේරාම හයිලෙවල් පාර ප්‍රදේශයේදී පොලීසිය විසින් නතරකර කළ සෝදිසි කිරීමකදී එහි තිබූ මත්පැන් තොගය සොයාගෙන ඇත.
වැඩිදුර ප්‍රශ්නකිරීම්වලදී හෙළිවී ඇත්තේ 67 හැවිරිදි වියේ පසුවන සැකකරු කොහුවල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු බවයි.
වැඩිදුර සෝදිසි කිරීමේදී අදාළ සුඛෝපභෝගී ජීප් රථයේ තිබී විදෙස් මත්පැන් ඇතුළු විවිධ මත්පැන් බෝතල් 72ක් හා බියර් කැන් 168ක් පොලිස් භාරයට ගෙන ඇත.
පොලීසිය පවසන්නේ අත්අඩංගුවට ගත් සැකකරු සහ නඩු භාණ්ඩ ගංගොඩවිල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවයි.