රුපියල් ලක්ෂ 5ක මුදලකට අලෙවි කිරීමට සූදානම් කර තිබූ දුර්ලභ වර්ගයේ වාලම්පුරියක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ, දියතලාව කහඹිලිය නව ගම්මානයේ පදිංචි 22 හැවිරිදි පුද්ගලයෙකු බවට පොලීසිය සඳහන් කර තිබේ.
සැකකරු තවත් පුද්ගලයකුට අලෙවි කිරීමට සූදානම් වන බවට ගුවන් හමුදා බුද්ධි අංශ නිලධාරීන්ට ලද තොරතුරක් මත පොලීසිය සමඟ එක්ව කළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු කළුතර මහෙස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ බව සදහන්.