දුම්රියේ ගැටී පුද්ගලයකු මරුට.

රාගම දුම්රියපොළ ආසන්නයේදී දුම්රියක ගැටී අද (22) පුද්ගලයකු මියගොස් ඇති බවට පොලීසිය පවසයි.

ගල්කිස්ස සිට කන්කසන්තුරේ බලා ධාවනයවූ දුම්රියක ගැටීම හේතුවෙන් මියගොස් ඇත්තේ රඹුක්කන ප්‍රදේශයේ පදිංචි ටී.බී. අත්තනායක (69) නැමැති පුද්ගලයකු බවට පොලීසිය පවසයි.

මෙම පුද්ගලයා සතුව රුපියල් 600 ක මුදලක්, ජංගම දුරකතනයක් සහ රෙදි බෑගයක්ද තිබූ බවට පොලීසිය පවසා තිබේ.

Exit mobile version