තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කරලා.

චුන්නාකම් පොලිස් වසමේ කන්දරෝඩේ ප්‍රදේශයේ දී පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර ඇති බව වාර්තා වේ.

මියගිය පුද්ගලයා අවුරුදු 37ක් වූ එම ප්‍රදේශයේම පදිංචිකරුවෙකි.

මියගිය පුද්ගලයාගේ නිවසේ ඇති කරන කුකුළන් සැකකරුගේ නිවසට ඇතුළුවීම හේතුවෙන් ඇති වූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් ඝාතනය සිදුව ඇතැයි සිදුකළ විමර්ශනයේ දී පොලීසියට අනාවරණය වී තිබේ.

ඝාතනය සිදුකළ අවුරුදු 54ක් වූ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර, මෘත ශරීරය තෙලිප්පලේ රෝහලේ තැන්පත් කර ඇති අතර, චුන්නාකම් පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.
 

Exit mobile version