දඹුල්ල – පැල්වැහැර ප්රදේශයේදී නැගෙනහිර පළාත් සභාවේ හිටපු සභාපතිනි ආරියවතී ගලප්පත්ති ගමන් ගත් මෝටර් රථයේ ගැටී මාර්ගය හරහා මාරුවීමට පැමිණි පුද්ගලයෙකු මියගොස් ඇති බව වාර්තා වේ.
අද (17) උදෑසන මෙම අනතුර සිදුවී ඇති අතර අනතුරින් මියගොස් ඇත්තේ මාතලේ නාවුල ප්රදේශයේ පදිංචි 39 හැවිරිදි පුද්ගලයෙකි.
ත්රිකුණාමලයේ සිට කොළඹ බලා සිය මෝටර් රථයෙන් පැමිණෙමින් සිටියදී මෙම අනතුර සිදුව ඇති බව සදහන්.
අනතුර සම්බන්ධයෙන් රථය පැදවූ රියදුරා පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.