අද (30) දින මාවනැල්ල හිගුල ප්රදේශයේදී සිදු වූ වාහන අනතුරකින් මාර්ගය අසල එළවලු වෙළෙඳසැලක සේවකයෙක් මරණයට පත්ව තිබේ.
වාර්තා වන ආකාරයට මෙසේ අනතුරට පත්ව ඇත්තේ විශ්රාමික මේජර් ජෙනරාල්වරයෙකුට අයත් ජීප් රථයක් බව සදහන් වේ.
කොළඹ දෙස සිට මහනුවර දෙසට ධාවනය වූ එම ජීප් රථය මාර්ගයෙන් ඉවතට පැන මෙම අනතුර සිදුව තිබේ.
එය අසල තිබූ එළවලු වෙළෙඳසැලක වැදී පසුව දුරකථන රැහැන් කණුවකද ගැටී ඇති අතර එහිදී එම වෙළෙඳසැලේ සේවය කළ 34 හැවිරිදි පුද්ගලයෙක් බරපතළ තුවාල ලබා තිබේ.
ඔහු මාවනැල්ල මූලික රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබේ.
ජීප් රථයේ රියදුරු ලෙස කටයුතු කළ විශ්රාමික මේජර් ජෙනරාල්වරයා මාවනැල්ල දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ.