තංගල්ල කුඩාවැල්ල ප්රදේශයේදී පුද්ගලයෙකු කපා කොටා ඝාතනය කර ඇති බව වාර්තා වේ.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ එම ප්රදේශයේම පදිංචි 50 හැවිරිදි වියේ පසුවන එක්දරු පියෙකි.
පෞද්ගලික ආරවුලක් මත මෙම ඝාතනය සිදුකරන්නට ඇති බවට පොලීසිය සැකපළ කරයි.
තංගල්ල පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබයි.