හැටන් මහේස්ත්‍රාත් විවෘත අධිකරණයේ විභාග වෙමින් තිබූ නඩුවක පැමිණිලිකරුවෙකු අධික ලෙස බීමත්ව අධිකරණයට අපහාස වන අයුරින් හැසිරීමෙදී හැටන් දිසා විනිසුරු සහ මහේස්ත්‍රාත් එම්. ෆරුක් ඩින්මගේ නියෝගයක් මත අධිකරණය භාර සැරයන්වරයෙකු විසින් අද (12) දින සැකකරු අල්ලා හැටන් පොලීසියට භාර දී ඇති බව වාර්තා වේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ හැටන් බණ්ඩාරනායකපුර ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි තිදරු පියෙකි.
පැමිණිලිකරු විසින් නීතීඥවරයෙකු නොමැතිව , මහේස්ත්‍රාත්වරයාගේ අවසරයකින් තොරව , විවෘත අධිකරණයේ චූදිතයාට එරෙහිව මුදල් ගනුදෙනුවක් සම්බන්ධයෙන් ද එම අධිකරණයේ විභාග වෙමින් පවතින තවත් නඩුවකට මෙවැනිම දඬුවමක් ලබාදෙන ලෙස ප්‍රකාශ කර තිබෙන අතර එලෙස ප්‍රකාශ කිරීමත් සමඟ එම සැකකරුවා අත්අඩංගුවට ගෙන පරීක්ෂා කිරීමේදී ඔහු අධික ලෙස බීමත්ව සිටි බව සඳහන් .
පසුව අත්අඩංගුවට ගත් සැකකරු වෛද්‍යවරයෙකු වෙත ඉදිරිපත් කර වාර්තාවක් ලබාගෙන හෙට (13) දින යළිත් හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බව හැටන් පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරියෙකු ප්‍රකාශ කර තිබේ.