කැනඩා සිහිනය පෙන්වා වංචා කළ කතක් අත්අඩංගුවට .

කැනඩා යවන බව පවසමින් රුපියල් ලක්ෂ 50 කට අධික මුදලක් වංචාකළ ද්විත්ව පුරවැසි භාවය සහිත කාන්තාවක පානදුර විශේෂ අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මාළඹේ ප්‍රදේශයේ පදිංචි කාන්තාවක බවත් , ඇය කැනඩාවේ ගණකාධිකාරි වරියක් ලෙසින් සේවය කරන බවත් පොලිසිය පවසයි.

පානදුර පොලිස් අධිකාරී කාර්යාලයට පැමිණිලි හතරක් ලැබී ඇති බවත් දිවයිනේ තවත් පොලිස් ස්ථාන රැසකට පැමිණිලි ලැබී ඇති බවත් උසස් පොලිස් නිළධාරීයෙක් පවසා තිබේ.

සැකකාරිය වසර අටක පමණ කාලයක් පොලිසිය මගහරිමින් සැගව සිට ඇති බවත්, වෙනත් පොලිස් කටයුත්තක් සදහා යමින් සිටියදී මාළඹේ ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇති බවත් පොලිසිය සදහන් කරයි.

Exit mobile version