කඳාන ප්‍රදේශයේ පදිංචි ධනවත් ව්‍යාපාරිකයකු ගේ නිවසට වෙඩි ප්‍රහාරයක් එල්ල කිරීමට පැමිණි වෙඩික්කරුට ආධාර අනුබල දෙමින් අවි ආයුධ ප්‍රවාහනය කළේ යැයි කියන පුද්ගලයකු දොම්පේ ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බළකායේ බුද්ධි අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
අත්අඩංගුවට ගත් සැකකරුගෙන් ප්‍රශ්න කර හෙළිකරගත් තොරතුරු මත ටී 56 ගිනි අවිවලට යොදන උණ්ඩ 56ක් සහ තවත් ගිනි අවියකට යොදන උණ්ඩ යක් භාජනයකට බහා සැකකරුගේ ගෙවත්තේ පිහිටි ළිද තුළ සඟවා තිබියදී සොයා ගත් බවට පොලිස් විශේෂ කාර්ය බලකායේ උසස් නිලධාරියෙක් ප්‍රකාශ කර තිබේ.
පොලිස් විශේෂ කාර්ය බළකායේ බුද්ධි ඒකකයට ලැබුණු තොරතුරක් මත සැකපිට අත්අඩංගුවට ගත් මෙම සැකකරු දොම්පේ කිඹුල්විලවත්ත ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි අයෙකි.