ව්‍යාජ ඉතාලි වීසා බලපත්‍රයක් භාවිතා කරමින් කටුනායක ගුවන් තොටුපොළෙන් විදේශ ගත වූ පුද්ගලයෙකු ඩුබායි ගුවන්තොටුපොළෙන් යළි හරවා එවා තිබෙන බවට වාර්තා වේ.
මෙලෙස ශ්‍රී ලංකාවට හරවා එවා ඇත්තේ දළුකොටුව කොච්චිකඩේ ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි පුද්ගලයකු වන අතර පසුව ඔහු කටුනායක ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු විසින් ඊයේ (02) අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී තොරතුරු රාශියක් අනාවරණය කර ගැනීමට හැකි වූ බව සදහන්.
ඔහුට සහය දුන් ගුවන් තොටුපොළ නිලධාරින් සොයා විමර්ශණ ආරම්භ කර තිබේ.