මාර්තු 09 වනදා පැවැත්වීමට තිබූ පළාත් පාලන මැතිවරණය නොපැවැත්වීම හේතුවෙන් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් සිදු වී ඇති බවට තීන්දු කරන ලෙස ඉල්ලා ජාතික ජන බලවේගයේ ලේකම් නිහාල් අබේසිංහ , හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනුල් හදුන්නෙත්ති , පාර්ලිමේන්තු මන්ත්‍රිනී ආචාර්ය හරිනි අමරසූරිය විසින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පෙත්සමක් ඉදිරිපත් කළ බව වාර්තා වේ.
එහි වගඋත්තරකරුවන් ලෙස රජයේ මුද්‍රණාලාධිපතිනිය , මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ඇතුළු සාමාජිකයින් , මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා , නීතිපතිවරයා , පොලිස්පතිවරයා , අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඇතුළු අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයින් ඇතුළු තිස් පස් දෙනෙක් නම් කර ඇති බව වාර්තා වේ.