වී අලෙවි මණ්ඩලය යළි  වී මිලදී ගන්න සැලසුමක්.

වී අලෙවි මණ්ඩලය විසින් යළි වී මිලදී ගැනීමට රජය තීරණය කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව මිල කමිටුවේ තීරණය මත නාඩු වී කිලෝ ග්‍රෑම් එකක් රුපියල් 95.00 ක් සහ කීරි සම්බා වී කිලෝ ග්‍රෑම් එකක් රුපියල් 110.00 ක් බැඟින් මිලදී ගැනීමට පියවර ගන්නා බවත් , වී මිලදී ගැනීම සඳහා රජයෙන් ලැබෙන මුදලට සරිලන පරිදි වී මිලදී ගැනීම් කටයුතු කරන බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද (11) කෘෂිකර්ම අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකදී ප්‍රකාශ කළ බව වාර්තා වේ.

Exit mobile version