රිය අනතුරකින් පොලිස් ලොක්කෙක් ජීවිතක්ෂයට .

හෝමාගම , මාකුඹුර ප්‍රදේශයේ රිය අනතුරකින් ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ .

මෙම පොලිස් නිලධාරීවරයා ගමන් කළ යතුරුපැදිය බස් රථයක ගැටීමෙන් සිදු වූ අනතුරින් බරපතළ තුවාල ලැබූ පොලිස් නිලධාරියා හෝමාගම රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව ඇති බව සඳහන් වේ.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ හෝමාගම විශේෂ අපරාධ විමර්ශන අංශයට අනුයුක්තව සේවය කළ 47 හැවිරිදි ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙක් බව වාර්තා වේ.

Exit mobile version