පොලිස් ලොක්කෙක්ගේ පුතෙක් පොලිස් නිලධාරියෙක්ව හප්පලා.

කුරුඳුවත්ත පොලිස් ස්ථානයේ රථවාහන අංශයේ පොලිස් නිලධාරියෙකු මෝටර් රථයක ගැටී සිදු වූ අනතුරකින් රෝහල්ගතකර තිබෙන බව වාර්තා වේ .

අනතුර සිදුව ඇත්තේ කොළඹ නෙලුම්පොකුණ රඟ හල දෙසින් නිදහස් චතුරශ්‍රය දෙසට පිවිසීමේදී CCC ක්‍රීඩාංගණය අසළ පිහිටි චතුරශ්‍රය ආසන්නයේදී වන අතර එහි රාජකාරී කරමින් සිටි පොලිස් නිලධාරියාගේ ගැටුණු මෝටර් රථය වතුර පොකුණක ගැටී නතර වී තිබේ.

මෙම රථය පැදවූ බවට පැවසෙන උසස් පොලිස් නිලධාරියෙකුගේ පුත්‍රයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ .

අනතුරින් බරපතළ තුවාල ලැබූ පොලිස් නිලධාරියා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර ඔහු වලස්මුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

Exit mobile version