සංගීතයකදී පොලිස් – හමුදා ගැටුමක්.

පොලිස් නිලධාරීන්ට පහර දී තුවාල සිදුකළ හමුදා සෙබලෙකු විදෙස් රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් සමඟ ගල්ගමුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ .

පසුගිය 14 වැනි දා ගිරිබාව පොලිස් වසමේ වන්නිකුඩාවැව ප්‍රදේශයේ පැවති සංගීත ප්‍රසංගයක් අතරතුර මෙම යුධ හමුදා සෙබලා ඇතුළු තිදෙනෙකු විසින් පොලිස් නිලධාරීන්ට පහරදී තුවාල සිදුකර ඇති බව අතර එම පහරදීමට සම්බන්ධ අනෙක් සැකකරුවන් දෙදෙනාද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අද දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

කෙසේ නමුත් මේ වන විට යුධ හමුදාවට සහ පොලිස් දෙපාර්තෙම්න්තුවට සේවය සදහා පැමිණෙන්නේ විනාශ වූ සමාජයේ විනාශ වූ තරුණ තරුණියන් වේ. එසේ වීමෙන් සමස්ත ආරක්ෂක අංශයන් වලට දැඩි හානියක් සිදු වේ. පොලිස් නිලධාරීන්ද බොහෝ අවස්ථාවලදී නිරපරාදේ ජනතාවට පහර දෙන බව ඕනා තරම් දැකිය හැකිය. කෙසේ නමුත් මේ ආකාරයෙන් ආරක්ෂක අංශවල පැවැත්මට හානි සිදුවන ලෙස ගැටුම් ඇතිකර ගැනීම ද දැඩි හානියකි. එයින් අප රටටද සිදුවන්නේ දැඩි හානියකි.

Exit mobile version