ඊයේ (19) රාත්‍රියේ යාපනය කයිතඩි ප්‍රදේශයේදී කොඩිගාමම් පොලීසියේ රථ වාහන අංශයේ උප පොලිස් පරීක්ෂකවරයෙකු යතුරු පැදියකින් ගමන් කරමින් සිටිය දී ඊට පිටුපසින් පැමිණි ලංගම බස් රථය යතුරුපැදියේ ගැටී ඇති අතර එම අවස්ථාවේදී ඉදිරියෙන් පැමිණි ලොරි රථයකට යට වීමෙන් පොලිස් නිලධාරියා ජීවිතක්ෂයට පත් වූ බව වාර්තා වේ.
මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කුරුණෑගල ප්‍රදේශයේ පදිංචි 54 හැවිරිදි පුද්ගලයෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් ලංගම බස් රථ රියදුරු සහ ලොරි රථයේ රියදුරු චාවාකච්චේරි පොලිසිය විසින් අත්අඩංගුවට ගත් බව සඳහන් .