වෙඩි වැදුණු පොලිස් සැරයන් මරුට.

මල්වතුහිරිපිටිය පොලිස් වසමේ බටේපොළ ප්‍රදේශයේ දී සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සඳහා යාමේ දී වෙඩිවැදී රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටි පොලිස් සැරයන්වරයා ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.

කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී මෙම පොලිස් නිලධාරියා ඊයේ (11) මියගොස් ඇති බවට පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කර තිබේ.

පසුගිය සෙනසුරාදා අලුයම් කාලයේ මල්වතුහිරිපිටිය පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට යාමේ දී ඇති වු ගැටුම්කාරී තත්ත්වයක් හේතුවෙන් අදාළ සැකකරු පොලිස් නිලධාරියාගේ ගිනිඅවිය උඳුරා ගැනීමට උත්සහ කර තිබේ.

එහිදී ගිනිඅවිය ක්‍රියාත්මක වීම හේතුවෙන් පොලිස් නිලධාරියාට වෙඩි වැදීමත් සමග සැකකරු රාජකාරී ගිනිඅවියද රැගෙන පළා ගොස් ඇති බව සඳහන්.

වෙඩි වැදීමෙන් තුවාල ලැබු පොලිස් නිලධාරියා ප්‍රතිකාර සඳහා ගම්පහ රෝහළට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණි.

එහිදී මෙම පොලිස් සැරයන්වරයා ජීවිතක්ෂයට පත්ව ඇති අතර ඔහු 51 හැවිරිදි ඉහළ ලුනුගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව වාර්තා වේ.

Exit mobile version