වියළි කාලගුණය හේතුවෙන් චර්ම රෝගවල ව්‍යාප්තියක් .

පවතින අධික වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් චර්ම රෝගවල ව්‍යාප්තියක් දක්නට ලැබෙන බවට ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පවසා ඇති බව වාර්තා වේ.

දරුවන්ට මෙම තත්ත්වය දැඩි බලපෑමක් එල්ල කර ඇති බවත් හතිය වැනි රෝග ලක්ෂණ සහිත දරුවන්ට වුවද මේ දිනවල නෑමට අවස්ථාව ලබාදිය යුතු බවත් ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පවසයි.

දිනකට දෙපාරක් හෝ නෑමට ඉඩ ප්‍රස්ථාව දරුවන්ට ලබාදිය යුතු බවත් චර්ම රෝග ඇති අයෙක් නම් උදෑසනට හා රාත්‍රීයට විනාඩි 20ක පමණ කාලයක් ජලයේ සිටීමෙන් එම තත්ත්වය යම් දුරකට පාලනය කරගත හැකි බවත් වෛද්‍ය දීපාල් පෙරේරා‍ මහතා පවසා තිබේ.

දරුවන් දවල් කාලයට ගෘහස්ත ස්ථානයක ප්‍රායෝගික ක්‍රියාවලි සහ ක්‍රීඩා කටයුතු සිදුකළ යුතු බවත්, නිසි පරිදි ජලය හා දියර වර්ග පානය කිරීමට ලබානොදීමෙන් තාප කම්පන තත්වයන්ට පත්ව මරණ පවා ඇති විය හැකි බව ද වෛද්‍යවරයා වැඩිදුරටත් පවසයි.

Exit mobile version