බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ ඇඹිලිපිටිය මහ රෝහලට ඇතුළත් කළ රැඳවියෙකු අද පස්වරුවේ පලා ගොස් ඇතැයි වාර්තා වේ .
මෙලෙස පලාගොස් ඇත්තේ ඇඹිලිපිටිය කදුරුගස්ආර එළිමහන් සිර කඳවුරේ රඳවා සිටි රැඳවියෙකි.
උදරයේ ඇතිවූ බව පැවසෙන රෝගී තත්ත්වයක් හේතුවෙන් ඔහුව මෙලෙස ඇඹිලිපිටිය මහ රෝහලට ඇතුළත් කර ඇති අතර හෙරොයින් මිලිග්රෑම් 250ක් සන්තකයේ තබාගැනීම හේතුවෙන් අධිකරණය විසින් ඔහුට රුපියල් 10,000ක දඩයක් නියම කර තිබේ.
එම දඩය ගෙවාගැනීමට නොහැකිවීම හේතුවෙන් ඔහුව මෙලෙස ඇඹිලිපිටිය කදුරුගස්ආර එළිමහන් සිර කඳවුරේ රඳවා ඇති බව වාර්තා වේ .