බන්ධනාගාරයකින් සිරකරුවකු පලා යයි.

ගාල්ල පොලිස් අධිකාරි කාර්‍යාලය විසින් සදහන් කොට ඇත්තේ බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාර‍යෙන් මත්ද්‍රව්‍ය චෝදනාවක් සම්බන්ධයෙන් සිරගතව සිටි සිරකරුවකු බන්ධනාගාරයෙන් පලාගොස් ඇති බවයි.

මෙලෙස බන්ධනාගාරයෙන්  පලාගොස් ඇත්තේ මොරටුව ලුණාව රෝහල් වත්ත ප්‍රදේශයේ පදිංචි අශෝක රුක්මල් ප්‍රනාන්දු නමැති සිරකරුවෙක් බව වාර්තාවේ.

මෙම සිරකරු හා තවත් සිර කරුවන් පිරිසක් බන්ධනාගාර භුමිය පිරිසිදු කිරිමේ කටයුතුවල යොදවා සිට ඇති බවත් වැඩ අවසන්වි සිරකරුවන් නැවත සිරකුටිවලට යැවිමට  පරික්ෂා කිරිමේදි එක සිරකරුවකු නොමැති බව දැනගැනිමෙන් පසු මෙම සිරකරු නැති බව තහවුරුවි ඇති බව හා ඔහු පලාගොස් ඇති බව තහවුරුකරගෙන තිබේ.

Exit mobile version