දෙයියන්දර මහේස්ත්‍රාත් අධිකරණයෙන් සිරකරුවෙක් පැන ගිහින්.

බන්ධනාගාර ගතව සිර දඩුවම් විදින සැකකරුවෙකු මහ මගදී මාලයක් කඩා ගැනීමේ චෝදනාවක් සම්බන්ධ තවත් නඩුවකට අද (23) දෙයියන්දර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර පසුව සිරමැදිරියට දැමීමෙන් පසුව පලාගොස් ඇති බව වාර්තා වේ .

පොලීසිය පවසන්නේ සැකකරුවට විරුද්ධව පැවැති නඩුව අවසන්වී මහේස්ත්‍රාත් අධිකරණයේ වැඩකටයුතු අවසන්වූ පසුව බන්ධනාගාර නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ සැකකරු සිරමැදිරියට දමා ඇති බවත් , පසුව සැකකරු කෙසේ හෝ පලාගොස් ඇති බවත්ය.

සැකකරු අත්අඩංගුවට ගැනිමට බන්ධනාගාර නිලධාරීන් හා දෙයියන්දර පොලිසිය පරික්ෂණ පවත්වන බව ද වාර්තා වේ .

Exit mobile version