දකුණු පළාතේ සංචාරක සේවා සපයන සියලු දෙනා ලියාපදිංචි කර හැදුනුම්පතක් සහ නිල ඇඳුමක් දෙන්න සැලසුමක් !
ගුණාත්මක සංචාරක කර්මාන්තයක් පවත්වාගෙන යාම සඳහා දකුණු පළාතේ සංචාරක පහසුකම් සපයන සියලු කණ්ඩායම් රුහුණු සංචාරක කාර්යාංශයේ ලියාපදිංචි කොට ඔවුන් බලගැන්වීම සඳහා පුහුණු වැඩමුළු හා අවශ්‍ය පහසුකම් සපයාදීමට කටයුතු කරන බැව් රුහුණු සංචාරක කාර්යාංශයේ සභාපති චන්න සාලිය මෙන්ඩිස් පවසයි.
සංචාරක මඟපෙන්වන්නන් , සංචාරක කලාපවල ත්‍රී රෝද රථ රියදුරන් , දෙස් විදෙස් සංචාරකයින් ප්‍රවාහනය කරනු ලබන රියදුරන් , යාල සෆාරි ජීප් රථ රියදුරන් , ගංඟා සහ කලපු ආශ්‍රිතව සංචාරක සේවා සපයනු ලබන පුද්ගලයින් සඳහා නිල හැදුනුම්පතක් මෙන් නිල ඇඳුමක් ලබාදීමට කටයුතු කරන බවද රුහුණු සංචාරක කාර්යාංශයේ සභාපතිවරයා පවසයි.
දැනටමත් යාල වනෝද්‍යානයේ සෆාරි ජීප් රථ හිමියන් 650 දෙනෙකු සඳහා අවශ්‍ය පුහුණුවීම් ලබා දී ඇති බවද හෙතෙම පවසයි.
මාදු ගඟ ආශ්‍රිතව සංචාරකයින් සඳහා සේවා සපයන බෝට්ටු 350ක් පමණ ඇතත් ඉන් පළාත් පාලන ආයතන වල ලියාපදිංචි වී ඇත්තේ බෝට්ටුහිමියන් 99 දෙනෙකු පමණක් බවද චන්න සාලිය මෙන්ඩිස් මහතා පවසයි.
ඉදිරියේදී මෙකී බෝට්ටු හිමියන්ට අවශ්‍ය පුහුණුවීම් ලබාදී රුහුණු සංචාරක කාර්යාංශයේ ලියාපදිංචි කොට බලපත්‍රයක් හා නිල ඇදුමක් ලබාදීමට කටයුතු කරන බවද රුහුණු සංචාරක කාර්යාංශයේ සභාපතිවරයා වැඩි දුරටත් සඳහන් කළේය.
( ලංකා සර )