විනය ගරුක රියදුරන් බිහි කරන්න වැඩපිළිවෙළක් .

විනය ගරුක රියදුරන් බිහිකිරීමේ අරමුණින් වැරදි අනුව ක්‍රමිකව රියදුරු බලපත්‍රය අහිමි කිරීමේ ක්‍රමවේදයක් ඉදිරියේදී හඳුන්වාදෙන බව වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඊයේ (02) පස්වරුවේ ඓතිහාසික රංගිරි දඹුලු රජමහා විහාරය වෙත පැමිණි අවස්ථාවේදී ප්‍රකාශ කළ බව වාර්තා වේ .

එහිදී ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කළේ මාර්ග රිය අනතුරු විශාල සංඛ්‍යාවක් සිද්ධවන බවත් , එය විශාල ගැටලුවක් වන අතර මෙයට ප්‍රධානතම හේතුව මිනිස්සුන්ගේ අපරික්ෂාකාරි රිය පැදවීම බවත් , ඒ හේතුවෙන් අකුසලතා පදනම මත රියදුරු බලපත්‍ර ලකුණු කැපීම සහ අවලංගු වීමේ ක්‍රියාවලිය ඉදිරියට ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවත් ය.

Exit mobile version