පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට එරෙහිව යාපනයේ විරෝධතාවක්.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට එරෙහිව ඊයේ (20) යාපනය – කෝපායි ප්‍රදේශයේ විරෝධතාවක් පැවති බව වාර්තා වේ.

පුරාවිද්‍යා නිලධාරීන් එක් ආගමකට පමණක් පක්ෂව කටයුතු කිරීම මුල් කර ගනිමින් මෙම විරෝධතාව පවත්වා ඇති අතර මෙහිදී විරෝධතාකරුවන් ප්‍රකාශ කර ඇත්තේ පුරාවිද්‍යා නිලධාරීන් සෑම ආගමකටම ගෞරවයෙන් සැලකිය යුතු බවයි.

එමෙන්ම මෙම විරෝධතාවයෙන් අනතුරුව මොවුන් රජය වෙත විශේෂ ලිපියක් ද යොමු කර ඇති බව සඳහන්.

Exit mobile version